රයිගම් කෝරළ බදු කැරැල්ල

Tuesday, May 1, 2012

1948 පෙබරවාරී 04 වන දින බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයෙන්මිදී ශ‍්‍රී ලංකාව මේ සමරනු ලබන්නේ
64 වන සත්වත්සරය වන බැවින්එයට පූර්වයෙන් අප ජාතිය නිවහල් ජාතියක් වීමට සිදුකළ
මුල්ම වෙඞ්මුරය ගැන මින් අවලෝකනය කෙරේ.

ක‍්‍රි.ව.1796, පෙබරවාරී 16 වන දින ඉංග‍්‍රීසි පෙරදිග වෙළඳ සමාගම හා ඉංග‍්‍රීසි ආණ්ඩුව එක්ව ලංකාවේ වෙරළබඩ හෙවත් පහත රට ප‍්‍රදේශයේ ආධීපත්‍ය ෆන් එන්ගල් බෙග් ආණ්ඩුකාරවරයා සතු ප‍්‍රදේශ පරාජයට පත් කර පවරාගනු ලැබූ බව අප දන්නා කරුණකි.

මේ අනුව 1796 සිට ලංකාවේ වෙරළබඩ ප‍්‍රදේශයේ ආධිපත්‍යය ඉංග‍්‍රිසින් විසින් හිමිකරගෙන එම ප‍්‍රදේශය ලන්දේසින්ගෙන් ලබාගැනීමට අධික යුධ වියදමක් දැරූ ඉංග‍්‍රිසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමට බාර කරනු ලැබිණ. මෙහිදි වෙළඳ සමාගම ලංකාව පාලනය කරනු ලැබුවේ ඔවුන්ගේ පෙරදිග පාලන මූලස්ථානය වූ මදුරාසිය මුල් කරගෙන එහි ආණ්ඩුකාරවරයාගේ මූලිකත්වයෙන්ය. මෙලෙස මදුරාසිය මුල් කරගෙන ලංකාව තුළ ක‍්‍රියාත්මක වූ පාලනය ර්‍ණමදුරාසි පාලනය” (1796 - 1798* ලෙස හඳුන්වනු ලැබේ.

මෙම මදුරාසි පාලකයන් ආරම්භයේ සිටම ලංකාවේ ජනතාවට දරදක්‍ෂු හිංසාකාරී පාලනයක් ද උරුම කර දෙමින් සිය පාලන නඩත්තු වියදම් ලබාගැනීමේ හා යුධ වියදම් පියවාගැනීමේ අරමුණින් මෙරටින් ආදායම් උපයාගැනීමට ර්‍ණඋක්දණ්ඩක් මිරිකා යුෂ උරාගන්නා සේ” ජනතාව තලාපෙලා ඔවුන් සතු වස්තු සම්පත් ලබාගන්න විය. මේ සඳහා ඉංග‍්‍රීසි පාලකයන් නැතහොත් වෙළඳ සමාගම් පාලකයන් හුදු බදු ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාවට නැංවීමට කටයුතු කරන ලදී.
මේ අනුව,

පොල් බද්ද
රා බද්ද
අරක්කු බද්ද
මාළු බද්ද
දුම්කොළ බද්ද
ලූණු බද්ද


වැනි නව බදු සංකල්පයක් ජනතාව පිට පටවනු ලැබිණ. එමෙන්ම මෙම බදු විධිමත් ලෙස ලබාගැනීමට මදුරාසී සමාගම් පාලකයන් උපක‍්‍රම යොදන්නට විය. එනම්, බදු වෙන්දේසී ක‍්‍රමයක් හඳුන්වාදීම හා මෙතෙක් බදු එකතු කිරීමට සිටී දේශීය බදු නිලධාරීන්ව ඉවත් කොට ඔවුන්ට වාසි සහගත පිරිසක් යෙදවිය. එනම්, ඉන්දියාවේ මලබාර් ප‍්‍රදේශයෙන් ර්‍ණඅව්මිල්දාර්” නම් බදු නිලධාරී මණ්ඩලයක් මෙරටට කැඳවා ඔවුනගේ සේවය ලබාගනු ලැබිණ.

මෙම විදේශීය බදු නිලධාරින්ට දේශීය සමාජ සංස්කෘතිය ගැන කිසිම අවබෝධයක් නොවීය. ඔවුන් ජනතාව පීඩාවට ලක් කරමින් බදු අය කරන්නට විය. මෙතෙක් මෙරට ජනතාව හුරු පුරුදුව සිටියේ භාන්ඩ වලින් බදු ගෙවීමටය. එහෙත් මෙම බදු ප‍්‍රතිපත්තියට අනුව ජනතාවට මුදලින් බදු ගෙවීමට සිදුවිය. මෙය ජනතාවට අසහනකාරී හේතුවක් විය.

තවද, මෙම හුදු බදු ප‍්‍රතිපත්ති යටතේ හඳුන්වා දුන් ර්‍ණපොල් බද්ද” ජනතාවට පීඩාකාරීත්වය ඉහළ නංවන්නට විය. මෙය ඉංග‍්‍රීසි පාලනයට එරෙහිව ජන මතයක් ඇතිවීමට හේතු විය. සාමාන්‍යයෙන් සිදුවුයේ පොල්ගස් 10 කට වැඩි සෑම වගාවකින්ම වර්ෂයකට රිදී පනම බැගින් අය කිරීමය. මෙම සම්ප‍්‍රදාය පවා නොසලකා හරිමින් ර්‍ණඅව්මිල්දාර්” වරු බදු අය කරන්නට විය. තවද, ඵලදාවක් නොලැබෙන පොල් ගස්වලින්ද බදු අය කරන්නට විය. මෙය ජනතාවට දරාගැනීමට අපහසු කරුණක් විය. තවද බදු ගෙවා ගත නොහැකි විට ජනතාවගේ හිස මත කළුගල් ඔසවාගෙන පැය ගණන් සිටින ලෙස ද කටයුතු කරන ලදී. මෙම අසාධාරණය සමාජගත වෙත්ම සෑමදෙනාම ඉංග‍්‍රිසි පාලනයට එරෙහිව ගරහන්නට විය. රවන්න, ඔරවන්න, දෙස් දෙවොල් කියන්නට විය. මෙවැනි පසුබිමක් තුළ මෙම හුදු බදු සංකල්ප වලින් පිඩිත වූ හෙළ ලක තොටිල්ල, බදු ප‍්‍රදේශයේ ජනතාව අධිරාජ්‍ය වාදී රකුස් පාලනයෙන් මුදවාගැනීමට රයිගම් කෝරළයෙන් ර්‍ණහිරු කිරණ” නැෙඟන්නට විය.
රයිගම් කෝරළය මුල් කරගෙන පිබිදුනු ඒ හිරු කිරණ තමා ර්‍ණසිංඤේඤෝ අප්පු” නම ඇසූ සැනින් මොහුව බොහොදෙනා නොදනී. ඒ මන්දයත් අපේ වීරවරුන් ගැන සඳහන් වන පොත්පත්වලවත් නම නොලියුණු රයිගම් කෝරළයේම ඉපැද ජාතියේ නිදහස වෙනුවෙන් නැඟී සිට රයිගම් කෝරළය තුළ මිය පරලොව ගිය නිසා විය යුතුය.

නමුත් ඉංග‍්‍රීසි වෙළඳ සමාගම් පාලකයන්ගේ රෝම කූපයන් කෙළින් කරවූ, ඔවුන්ගේ ඇගපත කිළිපොලා යන සේ ඔවුන්ගේ ජීවිත, රැුකියාව, අහිමි කරවූ අභීත ලංකා පුත‍්‍රයා ගැන ඉංග‍්‍රීසි ලේඛකයන්ගේ වාර්ථාවල මොහු ගැන ලියවී ඇත.

මදුරාසී පාලනයෙන් පීඩනයට ලක්ව සිටි පහත රට ජනතාව ඉන් මුදවාගැනීමේ අරමුණින් රයිගම් කෝරළය මුල් කරගෙන සිංඤ්ඤෝ අප්පුගේ නායකත්වයෙන් පෑයු හිරු කිරණ ගම් දනව් සිසාරා විහිදෙන්නට විය. ඒ 1796 දෙසැම්බර් මාසයේ සිටය මෙලෙස බුර බුරා නැෙඟන්නට වූ බදු කැරැුල්ල ක‍්‍රමයෙන් නිදහස් අරගලයක ස්වරූපයක් ගන්නට ගත වූයේ ඉතා කෙටි කාලයකි. රයිගම් කෝරළයට බදු එකතු කිරීමට පැමිණි මදුරාසී නිලධාරීන්ව පලවා හරිමින් නිදහසේ සටන් ආරම්භ කරන්නට විය. මෙහිදී මදුරාසි බදු නිලධාරීන් සිය ජීවිත ආරක්‍ෂා කරගනු ලැබුවේ ඉංග‍්‍රීසි සේනාවන්ගේ සරණ පැතීමෙන්ය.

මෙලෙස බුර බුරා නැඟුණු හුදු බදු විරෝධී කැරැුල්ල මර්දනය කිරීමට හා සිය බදු නිලධාරීන්ව පලවාහැරීම නිසා එයට උරණ වූ එවකට කොළඹ බළඇණි භාරව සිටි රොබට් ඇන්ඩෲස් සේනාවක් රැුගෙන රයිගම් කෝරළයට පැමිණියහ. එහෙත් කැරළිකරුවන්ගේ ගරිල්ලා සටන් උපක‍්‍රමය ගැන අවබෝධයක් නොතිබුණු ඇන්ඩෲස් සිතුවේ සටන් නිමාවී ඇති බවය. එහි සිටි බදු නිලධාරීන් කිහිපදෙනෙක් නිදහස් කරගත් ඇන්ඩෲස් නැවත කොළඹට පැමිණියේ සියල්ල සමාප්ත වී ඇතැයි සිතමින්ය.

එහෙත් සිදුවූයේ සිංඤ්ඤෝ අප්පුට, සියනෑ කෝරළය, සල්පිට, හේවාගම් කෝරළයන් නියෝජනය කළ ජනතාව එක්වී ඉංග‍්‍රීසි පාලනයට එරෙහිව සංවිධානය වන්නට විය. තවද, උතුරු පළාතේ ද්‍රවිඩ ජනයා ද. කන්දඋඩරට ජනයාද මේ දෙස බලා හිදිමින් සිංහලයන්ට ශක්තියක් දෙන්නට විය.

1797 මාර්තු වන විට සල්පිට කෝරළයට පැමිණි බදු නිලධාරීන්ට පහර දී කොළඹ කච්චේරිය යටත් කරගැනීමට සිංඤ්ඤෝ අප්පුගේ නායකත්වයෙන් යුත් කෝරළ 2 ක වැසීයන් සුදානම් වන බව දැනගත් ලෙප්ටිනා යංග් නම් සිපෝයි භට නායකයා ඇතුළු භටයින් 100 ක් පමණ හමුදාවක් රැුගෙන ඇන්ඩෲස් හේවාගම් කෝරළයට පිටවිය. මෙහිදී සීකිරි අප්පුහාමි, මුන්නා මුහන්දිරම්, ඒබ‍්‍රහම් කංකානම් වැනි කැරැුළි නායකයන්ගේ මූලිකත්වයෙන් කටයුතු කරන ලදී. මොවුන් ගරිල්ලා සටන් උපක‍්‍රමය යෙදවිය. මේ නිසා දින කිහිපයක් ඇන්ඩෲස් ඇතුළු සිපොයිි භටයන්ට එහි රැුදී සිටීමට සිදුවිය. මෙලෙස ඔවුන් රැුඳෙමින් ජනතාවගේ දුක් ගැනවිලි සොයා බැලීමේ අරමුණින් කැරැුලිකරුවන් ගැන තොරතුරු සොයන්නට විය.

ඉන්පසු කැරැුලිකරුවන්ගේ නිහැඬියාව නිසා ඇන්ඩෲස් නැවත සිය භට පිරිස් සමග කොළඹ බලා වාර්තා කරන ලදී. එහෙත් යළිත් හේවාගම් කෝරළයේ සටන් ඇතිවන්නට විය. දිගින් දිගට සල්පිට, රයිගම්, සියනෑ, හේවාගම යන කෝරළ මුල් කරගෙන යුධ ගිණි අවිලෙන්නට විය. මින් බරපතල හානි සිපොයි භටයන්ට අත්විය. මේ නිසා මදුරාසි පාලකයන් ඉන්දියාවෙන් ආධාර හමුදාවක් ගෙන්වා ගැනීමට ද යොමුවිය. මේ අනුව පැම්ණි සිපොයි භට හමුදාවන් ජනතාව පීඩනයට ලක් කරමින් ජනතාවගේ දේපල වස්තුව සූරාකන්නට විය. තවද මෙයින් බලාපොරොත්තු වූයේ කැරැුලිකරුවන් සටන් නවත්වා සාමකාමී වෙතැයිය. නමුත් දිගින් දිගටම මෙය සිදුවීම නිසා, දෙපාර්ශවයට අධික යුධ වියදමක් දැරීමට සිදුවීම, ජීවිත දේපළ විනාශ වන්නට විය.

මේ නිසා ඉංග‍්‍රීසි මදුරාසී සමාගම් පාලකයන් සටන්කාමී කැරැුලිකරුවන් මර්දනය කිරීමට පියවරක් වශයෙන් ජනතාවගේ දුක් ගැනවිලි සොයා බැලීමට බි‍්‍රගෙඩියර් ජෙනරල් ඩිමියුරන්ගේ නායකත්වයෙන් කාරක සභාවක් පත් කරන ලදී. එම කාරක සභාව මෙම කැරැුල්ලට ප‍්‍රධාන හේතුවක්ව ඇති පොල් බද්ද අහෝසි කළ යුතු බව වාර්තා කළේය ඒ අනුව 1797 ජූනි 09 දින සිට පොල් බද්ද අහෝසි කරන ලද බව ප‍්‍රකාශ කරන ලදී.

එහෙත් ඉන් සටන්කාමීන් සිය සටන් නවත්වනු ලැබුවේ නැත. මෙහිදි ඉංග‍්‍රීසි නිලධාරීන් කියා සිටියේ දින 06 ක් ඇතුළත යටත් වී සිය දුක් ගැනවිලි ඉදිරිපත් කරන්නේ නම් සමාව ලබාදෙන බවය. එම ප‍්‍රකාශ දැනගැනීමත් සමග සටන්කරුවන් සිය සටන් ව්‍යාපාරය තවදුරටත් තීව‍්‍රර කරන්නට විය.

මෙහිදි උඩරට රජුගේ සහයද සටන්කරුවන්ට ලැබුනු බව සඳහන්ය. මෙය ඉංග‍්‍රීසින්ට සිහිසුන් නැතිවීමට කරුණක් විය. මින් බියට, කලබලයට පත්වූ ඉංග‍්‍රීසි මදුරාසි නිලධාරින් ආධාර සේනාවක් නැවතත් ගෙන්වා ගනු ලැබිණි. මෙහිදි උඩරට රජු රාජාධි රාජසිංහ රජු කොළඹ දිසාවට අයත් කෝරළ 09 යම සාමකාමීව පාලනය කිරීමට හා එය ආරක්‍ෂා කිරීමේ වගකීම ප‍්‍රසිද්ධියේ සිංඤ්ඤෝ අප්පුට භාර කරන ලදී.

1796 දෙසැම්බර්වල සිට 1797 දෙසැම්බර් මාසය වන තෙක් තැනින් තැන ඉංග‍්‍රීසි පාලනයට එරෙහිව ඇතිවුන සටන්වලදී අත්අඩංගුවට ගත් සිංහලයන්ව එල්ලා මරා දමන ලදී. මේ නිසා සිංඤ්ඤො අප්පු නැවත රයිගම් කෝරළයට පැමිණ මෙය හුදු බදු විරුද්ධ කැරැුල්ලක් නොව ජාතිය නිදහස් කරගැනීමේ සටනක් බව ජනතාවට ඒත්තු ගන්වමින්, සටන් සුදානම් කරන්නට විය. ඒ වන විට මේජර් කෙතී යටතේ පැමිණි විශාල හමුදාවට මුහුණදීමට ශක්තියක් නොමැතිවීම නිසා සිංඤ්ඤෝ අප්පු උඩරටට පලායන්නට විය. මෙහිද උඩරට රජුගෙන් ආධාර ඉල්ලා සිටියද ඒ වන විට උඩරට පැවති දේශපාලන අර්බුදකාරීත්වය තුළින් හා රදල ප‍්‍රධානීන්ගේ නිවට රාජ්‍යද්‍රෝහි ක‍්‍රියාවන් හේතුවෙන් සිංඤ්ඤෝ අප්පුට තනිව තම ජාතියේ නිදහස වෙනුවෙන් සටන් කරන්නට විය. එහෙත් සිදුවූයේ ජය පෙනෙමින් තිබූ අභියසක අප ජාතියේ මහා පාවාදීම නිසා සිංඤ්ඤෝ අප්පුගේ නායකත්වයෙන් ආරම්භ වූ රයිගම් කෝරළ සටන නැත්නම් ඉංග‍්‍රීසින්ට එරෙහිව සිදු කළ ප‍්‍රථම වෙඩිමුරය පරාජයට පත්වන්නට විය.


මෙම සටන හුදු බදු කැරැුල්ලක්ම නොව නිදහස් ජාතියක් ලෙස පහතරට ජනතාව බේරාගැනීමට කළ නිදහස් සටනක් ලෙස මෙය අර්ථගැන්වීම නිවැරදිය. එහෙත් මෙයට උඩරටින් හා රදලයින්ගේ සහය ලැබුනේ නම් 1796 ආරම්භ වූ මදුරාසි සමාගම් පාලනය 1798 දී අවසන් කර දමා නැවත ඉංග‍්‍රීසි ආධිපත්‍යයට හසු නොවෙන සේ ලංකාව පත් කරගැනීමට ඉඩ අවකාශය තිබියදී අපි අපේ රට බි‍්‍රතාන්‍යයන්ට පාවාදෙන්නට අනුබල දීමක් සිදුකලා වැනිය.

1797 සිදුවු මෙම රයිගම් කෝරළ කැරැුල්ලට නායකත්වය දුන් සිංඤ්ඤෝ අප්පු අභීත වීරයෙකි. එහෙත් කිසිම පාසල් පෙළ පොතක මොහු ගැන සඳහන් නොවේ. එමෙන්ම මෙම කැරැුල්ල ගැන සාකච්ඡුා කෙරුණද මෙම නායකයා ගැන අවලෝකනය කිරීමක්, ඔහු ස්මරණය කිරීමක් සිදුවන්නේ නැත. එය ඔහු දිවි දෙවනු කොට ජාතිය උදෙසා කළ මෙහෙය වෙනුවෙන් අප කරනු ලබන උපහාරයද මේ ගගගගගගගග

1948 පෙබරවාරී 04 වන දින අප ලැබූ නිදහස 2012 වසර දී 64 වෙනි නිදහස් උත්සවය ලෙස සමරාවී. එහෙත් මේ මිය යන්නේ ජාතියේ වීරවරයන්ගේ අභීත පෞරුෂත්වය නොවේද? අප 64 වෙනි නිදහස සමරන මොහොතේ සිතට ගැනීම ඉතා වැදගත්ය.

තවද මෙතෙක් අප ජාතිය නිදහස සමරනු ලැබුවේ කොළඹ නිදහස් චතුරස‍්‍රයේ, නැතිනම් ගාලූ මුවදොරය. ඒ අප ජාතියේ නැගී සිටීමට වැටබැන්ද නායකයන්ගේ අභිමාන ශ‍්‍රී රාවය පැතිර වූ වටපිටාවේය. ඔවුන්ගේ මතකය වෙනුවෙන් ඉදිවු ස්ථානයන්වලය. එහෙත් මේ පොළෙවේ සැබෑ නිදහස සැමරිය යුත්තේ මද්දුම බණ්ඩාරලා, කැප්පෙටිපොල, පුරන්අප්පුලා, කුඩාපොල හිමියන් වැනි අභීත වීරවරුන් මිහිදන් කළ තැන්වලය. එයද ඒ ඔවුනගේ ශ‍්‍රී නාමයට කරන උත්තමාචාරයක් වන බව නම් නිසැකය.එනම් 62 වන නිදහස මහනුවර සමරනු ලැබීම අප ජාතියක් ලෙස ලත් වාසනාවකැයි සිතිය හැක.එමෙන්ම 63 නිදහස් උත්සවය කතරගම දි පැවැත් විමත් 64 නිදහස් උත්සවය අනුරාධපුරයේ දි පැවැත්විමට කටයුතු කර ඇති එබැවින් මෙවර සමරන ජාතියේ නිදහස් උළෙල අභිමානවත් වීමට අතීතයේ ජාතියේ ප‍්‍රාණ වායුව මෙන් කටයුතු කළ අභීත රණවිරුවන් මිහිදන් කළ පොළෝ තලයක සමරුනු ලබන්නේ නම් එය ඔවුනට කරන උත්තමාචාරයක් වනු නිසැකය.

ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය පාලන බලය තහවුරුවීම

කි‍්‍ර.ව1096-1291 අතර කාලයේ දී තුර්කිවරුන් විසින් කි‍්‍රස්තියානීන්ගේ ශුද්ධ භූමිය වු ජෙරුසලම යටත් කරගැනීමෙන් වල්මත් වු යුරෝපා ප‍්‍රජාව මුස්ලිම් ජාතිකයන් සතු පෙරදිග වෙළඳ ආධිපත්‍ය තහවුරු කර ගැනීමේ අරමුණින් හා1453 දී ඔටෝමන් තුර්කිවරු විසින් පෙරදිග හා යුරෝපය සම්බන්ධ කළ ප‍්‍රධාන වෙළඳ මධ්‍යස්ථායක් වු කොන්ස්තන්තිනෝපලය යටත් කර ගැනීම නිසා තමාට ශුද්ධ භූමියත්,වෙළඳාමේ අධිපත්‍යයත් යළි ලබාගැනීමේ අරමුණින් යුරෝපා ප‍්‍රජාව දේශගවේෂණයේ නියැලෙමින් විකල්ප මුහුදු මාර්ග සොයන්නට විය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස පෘතුගාලය,ස්පාඤ්ඤය,ප‍්‍රංශය,එංගලන්තය,ඕලන්ද යන ජාතිකයන් විකල්ප මාර්ග සෙවිමේ දැඩි තරගයක නියෙලීමේ ප‍්‍රතිඵලයක් ලෙස, 15 වන ශතවර්ෂයේ අගභාගය වන විට ක‍්‍රිස්ටොප කොළොම්බස්ගේ මුලිකත්වයෙන් ස්පාඤ්ඤය ජාතිකයන් ඉන්දියාවට යැයි සිතා 1492 ඔක්තෝම්බර් 02 වන දින හිස්පැනියෝලාව (බහමා) වලට පැමිණිමත් සමග අත්ලාන්තික් සාගරය ඔස්සේ යුරොපිකයන් වර්තමාන උතුරු හා දකුණු ඇමරිකානු මහද්වීප ප‍්‍රදේශවලට ප‍්‍රවිශ්ට වී එහි සිය අධිපත්‍ය පතුරවා හරින්නට විය.
. පෘතුගීසි ජාතිකයින් අත්ලාන්තික් සාගරය ඔස්සේ අප‍්‍රිකාව හරහා ඉන්දියන් සාගරයටත්, ඉන්දියාවටත් ප‍්‍රවිෂ්ට විය. 1498 මැයි 20වන දින වස්කෝදගාමාගේ මුලිකත්වයෙන් ඉන්දියාවට ප‍්‍රථම වරට (පෙරදිග) යුරොපා ජාතික කණ්ඩායමක් පැමිණිය හ. ඒ වන විට පෙරදිග ප‍්‍රදේශයේ වෙළඳ බලය තහවුරු කරගෙන සිටියේ මුස්ලිම් වරුන්ය.මෙහිදී පෘතුගීසින් ක‍්‍රමයෙන් ඉන්දියාවේත් 1505 සිට ශි‍්‍ර ලංකාවෙත් වෙරළබඩ ප‍්‍රදේශවල බලය තහවුරුකර ගනිමින් එම ප‍්‍රදේශ යටත් විජිත බවට පත් කර ගැනීමට පිඹුරුපත් සකස්කරමින් යුද්ධ කරමින් සිය මනෝ රථය මස්ථකාප්ප‍්‍රාත්ත කර ගැනිමට දෑගිලි ගනිමින් කල් ගෙවන වස් 1602 යුරෝපා ජාතිකයන් විසින් හංවඩු ගසනු ලැබු ”මුහුදු මංකොල්ලකාරයන්”නැතහොත් ඕලන්දයන් හෙවත් ලන්දෙසීහු පෙරදිගට ඇදෙමින් ලංකාව නැමැති වෙළඳ පාරාදීසයේ රජවරුන්ගේ සිත්පිත් දිනා ගැනිමට කටයුතු කරන්නට විය. මෙලෙස ලංකාවේ රජවරුන්ට වුවමනා වුයේ තම රාජ්‍යයෙන් පරසතුරා පළවා හැරීමටය. එම නිසා කි‍්‍ර.ව 1638 දී පමණ එවකට උඩරට පාලකයා වු 2 වන රාජසිංහ මහ නිරිදු පෘතුගීසිකාරයන් පළවා හරින්නට බලවත් මුහුදු මංකොල්ලකාරයන්ව ගිවිසුමකින් ලංකාවට වද්දාගෙන අවසානයේ 1658 දී මෙරටින් පරගැති පෘතුගීසියන් පළවාහරිත්ම අනිකා ඕලන්ද කරුවන් මෙරට වෙරළබඩ වෙළඳ ආධිපත්‍ය තහවුරු කරගන්නට විය.


ඉංගි‍්‍රසි පැමිණිම

රජු හරියට හිසේ ඇම්මට කොටිට මාරුකරනවා වගේ පෘතුගිසිකාරයන් පළවාහැරීමට ලන්දේසීන්ගේ උදව් ලබාගෙන නැවතත් පෙරසිටි අගාදයටම ඇදවැටෙන්නට විය.කෙසේ වෙතත් මෙරට 1739 දී ආරම්භ වු නායක්කාර් රාජ්‍ය පෙළපත් රජවරුන් හ ට මහ වහකදුරු වු ලන්දේසීන් කෙලෙස හෝ මෙරටින් පළවා හැරීමට මාන බලමින් සිටින විට පෙරදිගට ඉංග‍්‍රිසින් නැමැති මහාබලවත් ජාතියක් පැමිණ වෙළද සමාගම් පිහිටා ගෙන සිටින බව ක‍්‍රි.ව 1747‐1782 අතර කාලයේ උඩරට පාලකයා වු කිර්ති ශ‍්‍රී රාජසිංහ දැන සිටියේ ය. ඔහු ක‍්‍රි.ව 1760 දී පමණ පෙරදිග ඉංගී‍්‍රසි වෙළද සමාගමට දන්වා සිටියේ මෙරටින් ලන්දේසීන් පළවා හැරීමට ඉඩ ලබා දෙන මෙන්ය. මෙහි ප‍්‍රතිථලයක් ලෙස ක‍්‍රි.ව 1762 දී ලංකාවට ප‍්‍රථම වරට ඉංගී‍්‍රසි දුතයකු පැමිණියේ ය. ඔහු ජොන් ෆයිබස් ය. ඔහු රජු සමග සාකච්ච්ඡා පැවැත් වුවද එය අසාර්ථක විය.
කෙසේ වෙතත් මේ වන විට එනම් 18 වන ශත වර්ෂයයේ අගභාගය වන විට යුරෝපය තුළ සීතල යුද්ධයක සේයාවන් මතු වෙමින් තිබිණි. මේ වන විට පෙරදිග වෙළද බලය ලබා ගෙන සිටි ඕලන්ද ජාතිකයන්ගෙන් හා ඉංගි‍්‍රසි සමග ප‍්‍රබල බල අරගලයක යෙදුන ප‍්‍රංශය කි‍්‍ර.ව 1789 දී ප‍්‍රංශ සමුහාණ්ඩු පිහිටුවා ගෙන පෙරදිග වෙළද බලය යටත් විජිතවල අයිතිය තමන් සතු කර ගැනීමේ අරමුණින් ප‍්‍රංශ හමුදාවන් බල අරගලයක යෙදෙන්නට විය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස කි‍්‍ර.ව 1794 දී ප‍්‍රංශ සේනා ඕලන්දය ආක‍්‍රමණය කරන ලදී. මෙහිදී ඕලන්ද පාලකයා ලව්වා ප‍්‍රංශයට අවශ්‍ය වුයේ පෙරදිග ලන්දේසි පාලන ප‍්‍රදේශ තමන් වෙත පවරා ගැනීමටය. ඉංග‍්‍රීසින්ද මේ වන විට පසු වුයේ ද මේ අරමුණින් ය.කෙසේ වෙතත් ධෛවයේ සරදමක් සේ ඕලන්යේ පාලකයා වු ස්ටෑඞ් හෝල්ඩර් ඔරේන්ජ්හි v වන විලියම් කුමරු සිය රැකවරණය පතා ඉංගී‍්‍රසින්ගේ මව් රට වු එනම් එංගලන්තයට පළා ගියේය. එහි දී ඔහුව රදවා තබනු ලැබුවේ එංගලන්තයේ කියු මාලිගයේ ය.

* මෙහිදි ඉංග‍්‍රිසින් තුළ ප‍්‍රංශ ජාතිකයන් ලංකාවේ ලන්දෙසි ප‍්‍රදේශ අල්ලා ගනිති යැයි සැක මතු වේ.

* මේ නිසා එංගලන්තයේ රජුගේ ඉල්ලීම පරිදි ඕලන්ද ස්ටැඞ් හෝල්ඩර්වරයා (විලියම්) කියු මාළිගයේ සිටි 1795 පෙබරවාරි 07 වන දින ලංකාවේ එවකට ආණ්ඩුකාරවරයා වු ෆන් එංගල් බෙග් වෙත ලිපිය එවීය. මෙය කියු ලිපිය නම් විය.
එහී සදහන් උවෙ ප්‍රංස හමුදා ව ලංකාවෙ මුහුදු බඩ ප්‍රදෙස අල්ලා ගැනිමට පෙර බ්‍රිතාන්‍ය හමුදාවන්ට එම ප්‍රදෙස වලට ඇතුල් විමට ඉඩලබා දෙන ලෙස
මෙම ලිපියට අනුව ෆන් එංගල් බෙග් ආණඩුකාරවරයා කටයුතු කිරිමට අකමැති විය.

ලංකාවට ඉංග‍්‍රිසින්ගේ පැමිණිම

මෙහිදි ඉන්දියාවට කි‍්‍ර.ව 1600 පැමිණි ඉංග‍්‍රිසි ජාතිකයන් ඉන්දියාවේ නැගෙන හිර බටහිර වෙරළ තුළ වෙළද සමාගම් පිහිටුවා ගනුලැබිණි.
එ අතර,
ක‍්‍රි.ව. 1625 සුරාත්, ට‍්‍රැවන් කොර්, මසුලිපට්ටනම්
කි‍්‍ර.ව. 1639 මදුරාසිය (ප‍්‍රධාන)
ක‍්‍රි.ව. 1661 බොම්බාය
ක‍්‍රි.ව. 1690 කල්කටා

මේ වන විට එනම් ක‍්‍රි.ව 1660 දී පමණ යුරෝපයේ ඉංග‍්‍රිසින් සමග බල අරගලයක නියළුන ප‍්‍රංශ ජාතිකයන් ද ඉන්දියාවට පැමිණ,කි‍්‍ර.ව 1664 දී පමණ වෙළද මධත්‍ස්ථාන පිහිටුවාගනු ලැබිණි.
ඒ අනුව,
කි‍්‍ර.ව 1664  පොන්ඩෙචෙරි (පාණ්ඩෙචෙරි)
                කරිකාල්
                 වන්ද්නගර්
(ප‍්‍ර.පෙ.ඉ.වෙ.ස)පිහිටුවා තිබිණි
ප‍්‍රංශ ජාතිකයින් හට මේ වන විට සිය නැව් නවතා තැබීමට හැකි කදිම ස්ථානයක් ඉන්දියන් සාගරය තුළ හමුවී තිබිණි. ඒ ”මුරුසි” දිවයිනේ ය. එහෙත් බි‍්‍රතාන්‍යයන්ට එවැනි ස්ථානයක් නොවීය.

කෙසේ වෙතත් මේ වන විට නැගෙනහිර ඉන්දිය වෙරළට ද ආසන්නයේ පිහිටි ති‍්‍රකුණාමලය වරාය ලන්දේසීන්ට අයත්ව තිබුණි. මෙහිදි බි‍්‍රතාන්‍යයන්ට ලන්දේසින් විසින් මෙම වරායෙන් ප‍්‍රයෝජන ගැනීමට යම් අවස්ථාව සදහා ඉඩ ලබා දී ඇති බව අනාවරණය වී ඇත. ඓහෙත් එයින් සැම විටම වාසි ලබා ගැනීමට ලන්දේසීන් ඉඩ ලබා දී නැත. මෙහිදී, මෙහි ඇති වටිනාකම තේරුම් ගත් ඉංග‍්‍රිසින් මෙය කෙසේ හෝ තම අධිපත්‍යයට නතු කර ගැනීමට මාන බලමින් සිටින්නට විය. මෙවැනි තත්වයක් තුල යුරෝපයේ ප‍්‍රංශ, ඕලන්ද බල අරගලයේ ප‍්‍රතිථලක් ලෙස 1795-02-07 මෙරට එවු කියු ලිපියට අනුව ලන්දේසි ආණ්ඩුකරු කටයුතු නොකිරිම නිසා 1795 අගෝස්තු මස සිට බි‍්‍රතාන්‍යය, පෙරදිග ඉන්දිය වෙලද සමාගම ලන්දේසි පාලන ප‍්‍රදේශ වලට විරුද්ධව යුද්ධය ප‍්‍රකාශ කරන ලදී.

ලන්දේසී හා ඉංග‍්‍රිසි වෙළද සමාගම් අතර ඇති වු සටන් වලින්,
1795 අගෝස්තු 20 ති‍්‍රකුණාමල
1795 සැප්තැම්බර් 18 මඩකලපුව
1795 සැප්තැම්බර් 27 පේදුරු තුඩුව
1795 සැප්තැම්බර් 28 යාපනය
1795 ඔක්තෝම්බර් 05 මන්නාරම
1795 නොවැම්බර් 13 කල්පිටිය
1796 පෙබරවාරි 03 මීගමුව
1796 පෙබරවාරි 16 කොළඹ (කොටුව)

ලන්දේසි බල කොටු ඉංග‍්‍රිසි හමුදාවන් අතට පත්විය. මෙම සටන් වලදි ලන්දේසි හමුදාව නියෝජනය කළ කර්නල්ඞ් රේමන්ඞ් මිය ගියේය. එසේම මෙම සටනේ දී ඉංග‍්‍රිසි හමුදාවට නායකත්වය ලබාදුන්නේ කර්නල් ස්ටුවර්ඞ්ය.

1796.02.16 වන දින පරාජයටපත් ලන්දේසි ආණ්ඩුකාර ෆන් එංගල්බෙග් එදින උදේ 10.00 ට අත්සන් කළ ගිවසුමකට අනුව සියලූ ලන්දේසි පාලන ප‍්‍රදේශ ඉංග‍්‍රිසි වෙළද සමාගම වෙත පවරණ ලදී.




ඉන්දියාවේ බලය ව්‍යාප්ත කළ ප‍්‍රංශ හා ඉංග‍්‍රිසි ජාතිකයන්ට ශී‍්‍ර ලංකාව වැදගත් වුයේ ඇයි?
ශී‍්‍ර ලංකාව පෙර අපර දිග ණැව් මාර්ගයේ කෙන්ද්‍ර ගතව පිහිටිම.
මෝසම් සුළං වලදී පවා ආරක්ෂිත නැව් නවතා තැබිය හැකි ත‍්‍රිකුණාමලය වැනි වරාය පිහිටා තිබීම.
ඉන්දියාවේ බටහිර හා නැගෙනහිර වෙරළ ලංකාවේ සිට පාලනය කළ හැකි වීම.
කුරුදු, ඇත් දළ, මුතු මැණික්, වැනි වෙළද ද්‍රව්‍ය වලින් ලැබුණු වෙළද වාසි ලබාගත හැකි වීම.


ඉංග‍්‍රිසින්ගේ අවධානය ලංකාව කෙරෙහි යොමු වන විට මෙරට දේශපාලන තත්වය කෙසේද?
පහත රට ප‍්‍රදේශ ලන්දේසීන් පාලනය කළ අතර උඩරට නායක්කර් වංශික රජකු පාලනය කළහ. (කිර්ති ශ‍්‍රී රාජසිංහ, රාජාධිරාජසිංහ)
ලන්දේසීන් ජනතාවගේ අධික බදු අයකිරිම් නිසා ඔවුන් හට විරුද්ධව ජනතාව කැරලි ගැසීම්.
ලන්දේසීන් පළවා හැරීමට උඩරට රජු විටෙක ඉංග‍්‍රිසීන්ගෙන්ද තවත් විටෙක ප‍්‍රංශ ජාතික යන්ගෙන්ද සහය ඉල්ලා සිටීම.

කීර්ති ශී‍්‍ර රාජසිංහ රජ දවස ලංකාවට පැමිණි ප‍්‍රථම ඉංග‍්‍රිසි දුතයා කවුද?
ජෝන් ෆයිබස් (1762)


18 වන ශතවර්ෂයේ අග භාගය වන විට යුරෝපයේ සිදු වු විශේෂ සිදුවීම කුමක්ද?
ප‍්‍රංශ, ඕලන්ද, ඉංග‍්‍රිසි සේනා අතර දරුණු ගැටුම් ඇති විම.
මෙහි අවසන් ප‍්‍රතිඵලය වුයේ ප‍්‍රංශ සේනා 1792 – 1794 අතර කාලයේදි ඕලන්දය ආක‍්‍රමණය කිරිම.
මෙහිදී ඕලන්ද රජු ස්ටාඞ් හොල්ඩර් v වන විලියම් කුමරු දේශපාලන ආරක්‍ෂාව පතා එංගලන්තයට පලා යෑම.
මෙහිදී බ‍්‍රිතාන්‍යය (එංගලන්ත රජු) ඕලන්ද රජු ලවා ලංකාවේ ලන්දේසි පාලන ප‍්‍රදේශ ඉංග‍්‍රිසින් වෙත ලබා දෙන මෙන් ඉල්ලා කියු මාලිගාවේ සිට ලංකාවට ලිපියක් එවීම.


ඉංග‍්‍රිසින් කියු ලිපිය අත්සන් කරනු ලබන්නේ ඇයි.
ප‍්‍රංශ ජාතිකයන් ලන්දේසින්ගේ මව් රට අල්ලා ගත් නිසා ඔවුන්ට අයත් ලන්දේසී පාලන ප‍්‍රදේශ ප‍්‍රංශ ආධිපත්‍යයට යටත් වෙතැයි ඉංග‍්‍රිසින් තුල සැක සංකා ඇති වීම.

කියු ලිපියේ ඇතුළත් වුයේ මොනවා ද?
ඕලන්ද (ලන්දේසි) සතු ප‍්‍රදේශ බ‍්‍රිතාන්‍යයන්ට ලබා දිය යුතුය.
ඕලන්ද ප‍්‍රදේශ වලට ඉංග‍්‍රිසි හමුදාව හමුදාව ඇතුළත් කර ගන්න.

කියු ලිපිය ලැබෙන විට මෙරට උඩරට හා පහතරට පාලකයන් වුයේ කවුද?
උඩරට රාජාධිරාජ රජු
පහතරට ෆන් එංගල් බෙග් ආණ්ඩුකරු
කියු ලිපියට අනුව කටයුතු ලංකාව තුළ සිදු නොවීම නිසා බ‍්‍රිතන්‍ය වෙළද සමාගම තුළින් යුද්ධ කර ලබා ගත් ලන්දේසි ප‍්‍රදේශ මොනවාද?
ත‍්‍රිකුණාමලය, මඩකලපුව, යාපනය, කල්පිටිය, මන්නාරම, කොළඹ.

ලංකාවෙන් සම්පුර්ණයෙන්ම ලන්දේසින් පලවා හැරියේ කවදාද?
1796 පෙබරවාරි 16 වනදා.

ලන්දේසින් සමග සිදු කළ සටන් වල දී සියළු යුද වියදම් දෙනු ලැබුවේ කවුද?
බ‍්‍රිතාන්‍ය පෙරදිග ඉන්දිය වෙළද සමාගම. (බ‍්‍රි.පෙ.ඉ.වෙ.ස)

1796-1948 දක්වා බි‍්‍රතාන්‍යයන්ට ලංකාව යටත් වීම.

1796 - 1798 දක්වා ලංකාවේ වෙරළබඩ ප‍්‍රදේශ වල කි‍්‍රයාත්මක වු පාලනය කුමක් ද?

ඹදුරාසි පාලනයයි.


1795 සිට ලන්දේසින් සමග සිදුකළ සටන් වලදී යුධ වියදම් දරණු ලැබුවේ ඉංග‍්‍රිසි වෙළද සමාගමයි. ඒ නිසා ඉංග‍්‍රිසි ආණ්ඩුව ලංකාවේ වෙරළබඩ ප‍්‍රදේශ පාලනය කිරීමට මදුරාසි ආණ්ඩුකරු ප‍්‍රමුඛ වෙළද සමාගමට පවරණ ලදී. මෙලෙස කි‍්‍රයාත්මක වු පාලනය මදුරාසි පාලනය නම් විය.

මෙහිදි වෙළද සමාගමේ මුලික අරමුණ වුයේ ඉක්මනින් යුද්ධ වියදම් පියවා ගෙන හැකි උපරිම අයුරින් ලාභ ලබා ගැනීමටය. එහෙත් ඔවුනට එලෙස ලාභ ලබන්නට තරම් මෙරට ඔවුන් විසින් ස්ථාපිත කරන ලද කර්මාන්ත මෙහි නොතිබිණි. ඒ නිසා ඔවුන් ලාංකීය ජනතාවගෙන් අසාධාරණ ලෙස බදු අය ගැනීමට කටයුතු කරන ලදී.

1796 මෙරටට හදුන්වා දුන් මදුරාසි පාලනය අසාර්ථක විය. ඒ ඇයි?
ඹුහුදු බඩ ප‍්‍රදේශයේ ඇරඹුණු නව පාලන රටාව දේශිය ප‍්‍රජාවට අවබෝධ නොවීම.
නව නිළධාරි පැලැන්තියක් පැමිණීම.
සිංහල සිරිත් විරිත් නොසලකා හැරීම.
හිංසාකාරීව ආදායම් ලබා ගැනීම.
නව බදු අයකිරීම.

රයිගම් බදු කැරැල්ල

පෘතුගීසී, ලන්දේසී මුහුදු බඩ ප‍්‍රදේශ පාලනය කරන විට පැරණි සිංහල සම්ප‍්‍රදායන් කඩ නොකර පාලන කටයුතු කළ නමුත් ඉංග‍්‍රිසි පාලනයේ විශාල වෙනසක් ඇති කරමින් කච්චේරිය මුල් කරගෙන පාලනය කරන්නට විය. මෙම තත්වය ජනතාවය අසහනකාරී විය. තවද පාලන කටයුතු කරන විට සිංහල නිලධාරීන් ඉවත් කර දමා මලයාර් (මදුරාසි) නිලධාරීන් යොදාගෙන පාලන කටයුතු කරන්නට වීමත් ජනතාවගෙන් නව බදු අයකර ගැනීම ”අවුමිල්දාර්වරු”නම් විදේශිය නිළධාරීන් ගෙන්වා ගනු ලැබිණි. ඔවුනට සිංහල භාෂාව පිළිබදව අවබෝධයක් නොමැතිවීමත්, ඔවුන් සිංහලයන්ට තාඩන පීජඩන කරමින් දරුණු ලෙෂ බදු අය කිරිමත්, නිසාවෙන් වෙළද සමාගම් පාලනය විරුද්ධව සිංහලයන් ප‍්‍රථම වෙඩිමුරය 1796 දෙසැම්බර් මාසයේදී රයිගම් කෝරළය පදනම් කර ගෙන පත්තු කළේය. මෙහිදී සිංහලයන්ගේ ජාතියේ ප‍්‍රතිරාවය නංවාලමින්, වඩාත් ඉදිරියට ආ
සිඤ්ඤේ අප්පු නම් කැරලිනායකයා බි‍්‍රතාන්‍ය වෙළද සමාගම් පාලනයට විරුද්ධව කැරලි ගැසීම ඇරඹීය. මෙහිදී ඉංග‍්‍රිසි හමුදා බල ඇණි ශක්තිමත් කර සිංහල කැරලිකරුවන් අභියසට එවනු ලැබිණි. පුරා වසරක් පමණ කාලයක් මදුරාසි පාලයනයට විරුද්ධව ක‍්‍රියාත්මක වු බදු විරෝධි කැරැල්ල හමාර වුයේ සිඤ්ඤේ අප්පු ඉංග‍්‍රිසි අත්අඩංගුවට පත් වීමෙනි. ඔහුට උදව් කරන්නට තවත් එවැනි බලවේගයක් සිටියේ නම් සමාගම් පාලනයෙන්ම මෙරට තුළ ඉංග‍්‍රිසි පාලනය හමාර කර දමන්ට තිබිණි.

කි‍්‍ර.ව 1797 මෙම කැරැුල්ල ඇති වුයේ ඇයි?
වෙලද සමාගම ලාභ ලභ ලබා ගැනීමේ අරමුණින් වෙරළබඩ දැඩි ප‍්‍රතිපත්තියක් අනුගමනය කරමින් පාලනය ගෙන යෑම.
නව බදු හදුන්වා දීම.
එම බදු එකතු කිරීම, දේශිය නිළධාරීන් වෙනුවට (මලයාර්වරු) අවුමිල්දාර්වරු පත් කිරීම.
එම අවුමිල්දාර්වරු සිංහල සිරිත් විරිත් නොසලකා හරිමින් ජනතාව තාඩන පීඩනවලට ලක් කිරීම.
භාණ්ඩ හා ද්‍රව්‍ය වලින් බදු ගෙවු සිංහලයන්ට මුදලින් බදු ගෙවිමට සිදු වීම
ත්‍ම් නිසා ජනතාව සමාගම් පාලනයෙන් සහනයක් ඉල්ලා සිටියද එය සමාගම් නිලධාරීන් නොසලකා හැරීම.

මදුරාසි පාලනය යටතේ පැනවු නව බදු මොනවද?
පොල් බද්ද
අරක්කු බද්ද
දුම්කොළ බද්ද
රා බද්ද
ලූණු බද්ද
මාළු බද්ද

1797 දී ඇති වු කැරැුල්ල මර්දන කිරීමෙන් පසු එය පිළිබ `ද සොයා බැලීමට පැමිණියේ කවුද?
කර්නල්ද මියුරන් නම් නායකයා ප‍්‍රමුඛ ත‍්‍රි පුද්ගල කණ්ඩායමක් පැමිණීම. මෙහිදී මෙහි මුලිකත්වය ගත් කර්නල් මියුරන් මේ පිළිබ`දව සොයාබලා නව යෝජනා ඉදිරිපත් කරන්නට විය.

මියුරන් කමිටුවේ යෝජනා මොනවාද?
නව බදු අහෝසි කළ යුතුය.
බදු වෙන්දෙසි ක‍්‍රමය අහෝසි කළ යුතුය.
බදු එකතු කිරීමට යළි දේශිය නිළධාරීන්ට පැවරීම.
ලන්දේසී උසාවි ක‍්‍රමය යළි පිහිටු වීම.
බි‍්‍රතාන්‍ය ආණ්ඩුවද වෙළ`ද සමාගම සම`ග ඔක්ව පාලන කටයුතු කළ යුතු වීම.
ද්විත්ව පාලනය (1798 - 1802)

මෙලෙස කි‍්‍රයාත්මක වු මදුරාසි පාලනය අසාර්ථක වීම නිසා 1798 - 1802 කාලය තුළදී බි‍්‍රතාන්‍ය වෙළද සමාගම හා බි‍්‍රතාන්‍ය ආණ්ඩුව හවුලේ ලංකාවේ වෙරළබඩ පාලනය කරන්නට විය. එබැවින් මෙලෙස කි‍්‍රයාත්මක වු පාලනය ද්විත්ව පාලනය ලෙෂ හැදින්වේ.
මෙහිදි,
වෙළද සමාගම වෙළද කටයුතු ද
බි‍්‍රතාන්‍ය ආණ්ඩුව සිවිල් (පරිපාලන) හා යුධ කටයුතු ද පාලනය කරන්නට විය.


ද්විත්ව පාලනය අසාර්ථක වීමට හේතු
බි‍්‍රතාන්‍ය ආණ්ඩුවේ හා වෙළද සමාගම් නිළධාරීන් අතර මතභේද ඇති වීම.
සමාගම් නිළධාරීන් ලාභ ලබා ගැනීමේ අරමුණින්ම කටයුතු කිරීම.
බි‍්‍රතාන්‍ය නිළධාරීන්ගේ අකාර්යක්‍ෂම බව.
ඉංගි‍්‍රසින්ට දේශීය සංස්කෘතිය ගැන අවබෝධයක් නොමැති වීම.